.webp)
 (1)-621012.jpg)
භූ විද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කළේ, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟඉහළ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට , නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නෝවුඩ් යන ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙස දන්වමින් එම අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කර ඇති බවයි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක සහ දෙහිඕවිට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, තලවකැලේ, කොත්මලේ බටහිර සහ කොත්මලේ නැගෙනහිර, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල සහ රත්නපුර යන ප්‍රදේශ සඳහා විමසිලිමත් වන්නැයි දන්වමින් නාය යාමේ අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කර ඇතැයි, භූ විද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කළේ ය.
