.webp)
-621006.jpg)
එම අගය මිලිමීටර් 204 ක්.
නෝට්න් ප්‍රදේශයට මිලිමීටර් 187 ක වර්ෂාපතනයක්ද, මහනුවර දොළොස්බාගේ ප්‍රදේශයට මිලිමීටර් 172 ක වර්ෂාපතනයක්ද ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මේ අතර පවතින වර්ෂාවත් සමග කළු, කැලණි සහ මහවැලි යන ගංගාවල ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, කළු ගඟ රත්නපුර ප්‍රදේශයෙන්ද, කැලණි ගඟ කිතුල්ගල ප්‍රදේශයෙන්ද , මහවැලි ගඟ පේරාදෙණිය ප්‍රදේශයෙන්ද ඉහළ යමින් ඇති බවයි.
මේ අතර උඩුනුවර, උඩපළාත, යටිනුවර, ගඟඉහළ කෝරළය, පස්බාගේ කෝරළය සහ ගඟවට කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් මහවැලි ගඟ ආශ්රිත පහත් බිම් ප්‍රදේශවලට ගංවතුර අවදානම් නිවේදනයක් නිකුත් කර ඇතැයි, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එහි ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අධ්යක්ෂ එල්.එස්.සූරියබණ්ඩාර පැවසුවේ, මහවැලි ගගේ ඉහළ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ ලැබුණු වර්ෂාපතනය හේතුවෙන් එම නිවේදනය නිකුත් කර ඇති බවයි.
