.webp)
 (4)-621042.jpg)
පොලීසිය සඳහන් කළේ, වෙළෙඳ සැලකට පස් කන්දක් කඩා වැටීමෙන් තුවාල ලැබූ අදාළ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.
මියගිය 67 හැවිරිදි පුද්ගලයාගේ මෘත දේහය නාවලපිටිය කුරුඳුවත්ත රෝහලේ තැන්පත් කර ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය.
මේ අතර පස් කන්දක් කඩා වැටීමෙන් නාවලපිටිය - දොළොස්බාගේ මාර්ගය, 2 කණුව අසළින් අවහිර වී ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, පස් තට්ටු ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි.
මස්කෙලිඔය පිටාර ගැලීමෙන් නාවලපිටියේ පවුල් 10 ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබේ.
මේ අතර, මහවැලි ගං ඉවුර ආශ්රිත නාවලපිටිය ලබුවැල්කොටුව සහ කිතුල්කොටේ ප්‍රදේශ ද, ජලයෙන් යටවී තිබේ.
ඒ හේතුවෙන් නිවාස 20 කට අධික සංඛ්‍යාවක ජනතාව ඥාතී නිවාස ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
