නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි, 04ක් මරුට...

ගිනිගත්හේන නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් 04 දෙනෙකු මියයයි...

by Staff writer 03-08-2026 | 9:08 PM

COLOMBO(News1st) -ගිනිගත්හේන, පොල්පිටිය ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් අතුරුදන්ව සිටි පුද්ගලයින් 04 දෙනාගේ මළ සිරුරු සොයා ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද(03) පස්වරුවේ පැවැති අධික වර්ෂාව සමග නිවස මතට පස් කන්ද කඩා වැටී ඇති බවයි.

මේ අතර නෝවුඩ් ප්‍රදේශයේදි ජල පහරකට හසු වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ.