කැලණි ගඟේ පහත් බිම් කිහිපයකට මහ ගංවතුර තත්ත්වයක්

ඉදිරි පැය 24 තුළ කැලණි ගඟේ පහත් බිම් ප්‍රදේශ කිහිපයකට මහ ගංවතුර තත්ත්වයක් පිළිබද අනතුරු ඇඟවීම්!

by Staff writer 03-08-2026 | 4:50 PM

COLOMBO(News1st) - ඉදිරි පැය 24 තුළ කැළණි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තතත්වයක් ඇති විය හැකි  බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි!

දෙහිඔවිට, රුවන්වැල්ල සහ යටියන්තොට ප්‍රදේශීය ලේකම් කොට්ඨාවල ජනතාව මේ පිළිබඳ සැලකිලිමත්විය යුතුයි!

මේ අතර දොම්පේ, සීතාවක, හෝමාගම, කඩුවෙල, බියගම සහ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කලණි ගඟ පහත් බිම්වලට ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව සඳහන් වේ.

කැලණි ගඟේ ජල මට්ටම ක්ෂණිකව ඉහළ යා හැකි බැවින් ගඟ භාවිතයේදී සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා ජනතාව දැඩි ලෙස විමසිලිමත් විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ අතර පවතින අධික වැසි සහිත කාලගුණය හමුවේ ඇතිවිය හැකි ආපදාවලින් ජනතාව මුදා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නැයි ආරක්ෂක අමාත්‍යංශය දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.

ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, නායයෑම් හා ගංවතුර වැනි ආපදා තත්ත්ව වලට මුහුණ දීම සඳහා ග්‍රාමීය ආපදා කමිටු සක්‍රීය කරමින් ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා සුදුසු වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවයි.