ශිෂ්‍යත්ව විභාග උපකාරක පන්ති ගැන දැනුම්දීමක්...

ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති සහ දේශන, ලබන බදාදා මැදියම් රැයෙන් අවසන්...

by Staff writer 02-08-2026 | 8:44 AM

COLOMBO (News 1st) - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම ලබන 05 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව, විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම කාලයේදී ශිෂ්‍යත්ව විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සහ බෙදාහැරීම ද නොකළ යුතුයි.

විභාග ප්‍රශ්න පත්‍රවලට සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම ද, සපුරා තහනම්.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, ලබන 09 වැනිදා මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වීමට නියමිතයි.