මහර රැඳවියන් 104 දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත.

මහර රැඳවියන් 104 දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත.

by Staff writer 02-08-2026 | 8:20 PM

COLOMBO (News 1st) - මහර බන්ධනාගරයේ සිටි රැඳවියන් 104 දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවා තිබේ.

ඒ ඊයේ(01) රැඳවියන් පිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙනි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී ගජනායක පැවසුවේ, එම රැඳවියන් දුම්බර, වැලිකඩ, බූස්ස, කළුතර, බදුල්ල, පොළොන්නරුව හා මඩකලපුව බන්ධනාගාවෙත මාරු කර ඇති බවයි.

එම රැඳවියන්ගේ නම් ඇතුළත් ලේඛනය මහර බන්ධනාගාරයේ මාර්ග බාධකය අසළ ප්‍රදර්ශනය කර තිබේ.

මහර බන්ධනාගරයේ රැඳවියන් බැලීමට හෙට(03) හා අනිද්දා(04) අවස්ථාව ලබා නොදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ සිරකරුවන් හමුවන කාමරයට හානි සිදුවීම හේතුවෙනි.

එම ස්ථානය මේ වන විට අලුත්වැඩියා කිරීමට පියවර ගෙන ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.