.webp)

ඒ අද(01) අළුයම පැවති හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ අවසන් මහා තරගයේදී මීටර 89.75m දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි.
ඒ අනුව මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව දිනූ පළමු රන් පදක්කම බවට මෙය පත් විය.
බර ඉසිලීමේ ක්‍රීඩක චින්තන ගීතාල් විදානගේ 2006 වසරේදී දිනා ගත් රන් පදක්කමෙන් අනතුරුව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකාව දිනා ගත් පළමු රන් පදක්කම මෙයයි.
හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව දිනූ පළමු පොදු රාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම ද මෙය වේ.
මලල ක්‍රීඩා ඉසව්වකින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනා ගත්තේ වසර 76කට පසුව වීමත් විශේෂත්වයකි.
රුමේෂ් අද ජයග්‍රහණය කළේ, ශ්‍රී ලංකාවේ 5වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය රන් පදක්කමයි.
හිටපු ඔලිම්පික් සහ ලෝක ශූර ඉන්දියාවේ නීරාජ් චොප්රාට මෙහිදී රිදී පදක්කම හිමි විය.
මීට පෙර පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියේ රෝම අදියරේදී රුමේෂ් මීටර 92.62ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කළේ ය.
වසරේ මේ දක්වා ඉහළම දක්ෂතාව දක්වා ඇති රුමේෂ්ගේ හොඳම පෞද්ගලික දක්ෂතාව මෙයයි.
හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වට ක්‍රීඩකයෙක් මෙතෙක් ප්‍රදර්ශනය කළ ලොව ඉහළම දක්ෂතාව මීටර 98.48ක්.
රුමේෂ් මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්හි 2වැනි ස්ථානයේ පසු වෙයි.
