වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

රත්මලාන, කඳවල පාර ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

by Staff writer 01-08-2026 | 7:53 PM

COLOMBO(News1st) - රත්මලාන, කඳවල ප්‍රදේශයේ අද(01) පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගියේය.

පොලීසිය සඳහන් කළේ, තුවාලකරු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.

සැකකරුවන් පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නැහැ.