ප්‍රදේශ රැසකට තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීම්.

දිවයිනේ ප්‍රදේශ රැසකට තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීම්.

by Staff writer 01-08-2026 | 4:57 PM

COLOMBO(News1st) - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ, එ අනුව උතුර, උතුරු මැද, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත් වලටත්, මොණරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලටත් පැයට කිලෝමීටර 40 - 50ත් දක්වා තද සුළං ඇති විය හැකියි

දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්වය, ඊට හේතුවී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.