.webp)
-620774.jpg)
එහි සභාපති සමන්ත ගුණසේකර සඳහන් කළේ, මුහුදු බත් වූ එල්සා 3 නෞකාවේ තිබූ ප්ලාස්ටික් පබළු සහිත තවත් කන්ටේර් පෙට්ටියක් විවෘත වී ඇති බවට, අනුමාන කරන බවයි.
ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ එම්.එස්.සී. එල්සා 03 භාණ්ඩ ප්‍රවාහන නෞකාව, පසුගිය වසරේ මැයි 25 වැනිදා ජල කාන්දුවක් හේතුවෙන් කේරළ මුහුදේදී අනතුරට ලක්විය.
ඉන්, මෙරට වෙරළ තීරයට ගොඩගැසුනු ප්ලාස්ටික් පබළු කන්ටේනර් 43කට අධික සංඛ්‍යාවක් මේ වනවිට එක්රැස් කර ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා පැවසීය.
ඔහු සඳහන් කළේ, අලුතින් ප්ලාස්ටික් පබළු ඇතුලු ද්‍රව්‍ය ගොඩගැසීම සම්බන්ධයෙන්, නෞකා සමාගම දැනුවත් කළ බවයි.
