කතරගම පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර අද....

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර අද රාත්‍රියේ...

by Staff writer 29-07-2026 | 6:23 PM

COLOMBO (News 1st) - රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර අද (29) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිත වේ.

දුටුගැමුණු මහරජුගේ පාලන සමයේ සිට පැවැත්වෙන මෙම පෙරහැර දේශ දේශාන්තරවල බෙහෙවින් ප්‍රකටයි.

අද රාත්‍රී මහ පෙරහැරේ දේවාභරණ වැඩමවන්නේ, කතරගම වාසනා හස්ති රාජයායි .

මේ අතර මාතර දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි වාර්ෂික ඇසළ මංගල්‍යයේ අවසන් මහා පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි.

උඩරට පහතරට නර්තනාංගවලින් සහ කාවාඩි නැටුම්වලින් සමන්විත මෙම පෙරහැරද දෙස් විදෙස් සුපතල සංස්කෘතික මංගල්‍යයකි

මෙවර පෙරහැරට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද ලබා දී තිබේ.