.webp)

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් සඳහන් කළේ දෙහිවල පොලිස්ථානාධිපතිවරයා විසින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි.
අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා වසර 03 ක සේවා කාලයක නිරත වූ අයෙකි.
අත්අඩංගුවට ගෙන ඇති උප පොලිස් පරික්ෂකවරයා මාතර පදිංචිකරුවෙකි.
ඔහු ඇසුරු කළ පුද්ගලයින් පිළිබද සොයා බැලූ පොලිස්ථානාධිපතිවරයා උප පොලිස් පරීක්ෂකවරයා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බව තහවුරු කර ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඔහු පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු දෙහිවල අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා විසින් සිදු කරන බවයි.
