.webp)

තිරුක්කෝවිල් පොතුවිල් මාර්ගයේ, විනයාගපුරම් 01 ප්රදේශයේදී ත්රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 49 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ අනතුරින් තුවාල ලැබූ ත්රීරෝද රථයේ රියැදුරු, පසුපස අසුනේ ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු හා දරුවන් දෙදෙනෙකු ඉන් තුවාල ලබා ඇති බවයි.
තිරුක්කෝවිල් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන් එක් කාන්තාවක් මියගොස් ඇත.
පිටකොටුව ගොතටුව මාර්ගයේ, ගොතටුව ප්රදේශයේදී බස් රථයක් හා ත්රීරෝද රථයක් ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් 37 හැවිරිදි ත්රීරෝද රථ රියැදුරු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ ත්රීරෝද රථයේ පසුපස අසුනේ ගමන්ගත් පුද්ගලයෙකු හා කාන්තාවක් ඉන් තුවාල ලබා ඇති බවයි.
කුරුණෑගල පුත්තලම මාර්ගයේ වේරපොල ප්රදේශයේදී, මෝටර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
පොලීසිය පැවසුවේ, අනතුරින් බරපතළ තුවාල ලැබූ 67 හැවිරිදි යතුරුපැදිකරු වාරියපොල රෝහලට ඇතුළත් කරන විට මියගොස් ඇති බවයි.
අතුරුගිරිය ප්රදේශයේ, අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 06 කණුව ආසන්නයේදී ලොරි රථයක්, කාර්මික දෝෂයක් හේතුවෙන් නවතා තිබූ ටේලරය සහිත ප්රයිමූවර් රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.
පොලීසිය පැවසුවේ, අනතුරින් බරපතළ තුවාල ලැබූ ලොරි රථයේ වම්පස අසුනේ ගමන්ගත් පුද්ගලයා මියගොස් ඇති බවයි.
ලොරි රථයේ රියැදුරුද බරපතල තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ.
තිස්සමහාරාම වැව් බැම්ම මාර්ගයේ කිලෝමීටර් 06 කණුව අසළදී බස් රථයක් මාර්ගය හරහා ගමන් කළ පුද්ගලයෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
පොලීසිය පැවසුවේ, අනතුරින් බරපතළ තුවාල ලැබූ 38 හැවිරිදි පදික පුද්ගලයා දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි.
හලාවත, බංගදෙනිය පල්ලම මාර්ගයේදී යතුරුපැදියක් පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කාණුවකට වැටී අනතුරක් සිදුව තිබේ.
පොලීසිය පැවසුවේ, අනතුරින් බරපතළ තුවාල ලැබූ 24 හැවිරිදි යතුරුපැදිකරු හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි
