පාරිසරික ආරක්ෂණ බලපත්‍ර නොගත් ආයතන සොයා විමර්ශන

පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ලබා නොගත් ආයතන සොයා විමර්ශන....

by Staff writer 27-07-2026 | 9:14 AM

COLOMBO (News 1st) - පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ලබා නොගත් ආයතන සොයා විමර්ශන ක්‍රියාත්මක බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

එහි සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් පැවසුවේ, දැනට රට තුළ ආයතන හතලිස් පන් දහසක් පමණ එම බලපත්‍රය ලබාගෙන ඇති බවයි.

දැනට මධ්‍යම පරිසර අධිකාරිය තුළ පරිසර නිලධාරීන් 350 ක පුරප්පාඩු පවතින බවද, සභාපතිවරයා පැවසුවේය.