දෙවිනුවර පෙරහැරේ කාවඩි නර්තන අවලංගුයි

බුද්ධි තක්සේරු වාර්තා සැලකිල්ලට ගෙන, දෙවිනුවර පෙරහැර මංගල්‍යයේ අනිද්දාට (28) නියමිත කාවඩි නර්තන තාවකාලිකව අවලංගු කිරීමට පොලිස්පතිගෙන් දැනුම්දීමක්. - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

by Staff writer 26-07-2026 | 6:07 PM

COLOMBO(News1st) - දෙවිනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ අනිද්දාට නියමිත කාවාඩි නර්තන තාවකාලිකව අවලංගු කරන්නැයි පොලිස්පතිවරයා දිස්ත්‍රික් ලේකම්වරයාට දැනුම් දී තිබේ.

ඒ ලැබී ඇති බුද්ධි තක්සේරු වාර්තා පදනම් කරමිනි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් යූ වුට්ලර් සඳහන් කළේ, පෙරහැර සංවිධායකයින් හා නර්ථන ශිල්පීන් අතර මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී එය ගැටුමක් දක්වා වර්ධනය වීමේ අවධානමක් පවතින බවයි.

ඒ තුළින් මහජනතාව අතර අනිසි බියක් ඇති වීමේ තත්ත්වයක් ඇති විය හැකි බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඔහු සඳහන් කළේ, එම කරුණු සැලකිල්ලට ගෙන පොලිස්පතිවරයා එම දැනුම්දීම සිදු කර ඇති බවයි.