ප්‍රදේශ රැසකට අද වැසි...

බස්නාහිර, සබරගමුව , වයඹ යන පළාත්වල සහ ගාල්ල , මාතර දිස්ත්‍රික්කවල අද දිනයේ වැසි ඇතිවිය හැකියි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 25-07-2026 | 10:45 AM

COLOMBO(News1st) - අද(25) දිනයේ බස්නාහිර, සබරගමුව , වයඹ යන පළාත්වල සහ  ගාල්ල , මාතර දිස්ත්‍රික්කවල වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30 හෝ 40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි.