.webp)

ඉ-ජනගහන ලේඛන වැඩසටහන යටතේ එම කටයුතු දැනට කළුතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මකයි.
ඒ අනුව මීට පෙර භාවිත වූ අතින් ලියන ලද මරණ සහතිකය වෙනුවට පරිගණක දත්ත පද්ධතියක් මඟින් මෙම ඩිජිටල් මරණ සහතික නිකුත් කෙරේ.
ඩිජිටල් පද්ධතියක් මගින් මරණ සහතික නිකුත් කිරීම හරහා යාවත්කාලීන කරන ලද පුද්ගල දත්ත පද්ධතියක් පවත්වා ගැනීමටත්, විවිධ ආයතන අතර කාර්යක්ෂමව දත්ත හුවමාරු කිරීමටත් හැකියාව ලැබෙන අතර ආරක්ෂිතව දත්ත ගබඩා කිරීම මඟින් තොරතුරුවල සුරක්ෂිතතාවද තහවුරු වන ඇති.
නිකුත් කරනු ලබන සෑම මරණ සහතිකයකම සත්‍යතාව පද්ධතිය හරහා ක්ෂණිකව පරීක්ෂා කරගත හැකි පරිදි විශේෂ QR කේතයක් අඩංගු කර තිබේ.
මෙම සහතික මුද්‍රණය කරනු ලබන්නේ ආරක්ෂිත උපාංග ඇතුළත් කරන ලද විශේෂිත කඩදාසියකයි.
