කිලිනොච්චියේදී STF නිළධාරින්ට මොකද වුණේ?

කිලිනොච්චියේදී වනජීවි හා STF නිළධාරින්ගේ රාජකාරියට බාධා කළ සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට - පොලීසිය

by Staff writer 25-07-2026 | 7:37 AM

COLOMBO(News1st) - කිලිනොච්චි, අක්කරායන්කුලම්, මුක්කන්පන්හිදී වනජීවි හා පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, එම ප්‍රදේශයේ රක්ෂිතයන කැළෑ එළි පෙහෙළි කරන බවට ලද තොරතුරක් මත නිලධාරීන් වැටලීම සඳහා ගොස් ඇති බවයි.

එහිදී ඇතිවූ තත්ත්වය පාලනය සඳහා විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අහසට වෙඩි තබා ඇතැයිද පොලීසිය සඳහන් කළේ ය.

පොලීසිය පැවසුවේ, පොරබැදීම් හේතුවෙන් තුවාල ලැබූ විශේෂ කාර්ය බලකා නිලධාරීන් හතර දෙනෙකු ප්‍රතිකාර සඳහා කිලිනොච්චි රෝහලට ඇතුලක් කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවෙකුද පපුවේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ.

සකැකරුවන්ට අමතරව යන්ත්‍රයක්ද පොලීසිය භාරයට ගෙන තිබේ.