.webp)

ඒ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව මාතර එළියකන්ද පාර බ්‍රවුන්ස්හිල් ලිපිනයේ පිහිටි අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට අද ඉදිරිපත් නොවීම හේතුවෙනි.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් නඩුව පවරා තිබේ.
සැකකාර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගිය මැයි 22 වැනිදා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කෙරිණි.
දිගින් දිගටම බැසිල් රාජපක්ෂ අධිකරණය මග හරිමින් සිටින බැවින් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මාතර ප්‍රධාන මහේස්තාත් චතුරංග එරංග දිසානායක බැසිල් රාජපක්ෂට එරෙහිව යළි වරෙන්තු නිකුත් කිරීමට නියෝග කළේ ය.
අයථා ලෙස උපයා ගත් මුදල් භාවිත කරමින් මාතර බ්‍රවුන්ස්හිල් ප්‍රදේශයේ ඉඩමක් මිලිදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ සහෝදරිය වන අයෝමා ගලප්පත්ති, ඇයගේ ස්වාමියා තිස්ස ගලප්පත්ති මුදිත ජයකොඩි යන අයට එරෙහිව නඩුව ගොනු කර තිබේ.
නඩුවේ තුන්වන විත්තිකාර බැසිල් රාජපක්ෂ හා හතරවන විත්තිකාර හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ සහෝදරිය වන අයෝමා ගලප්පත්ති විවෘත අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔවුන්ගේ ඇපකරුවන් විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට ඇපකරුවන් අපොහොසත් වීම හේතුවෙන්, ඇප මුදල් රාජසන්තක කිරිම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
එහිදී ඇපකරුවන් ඒ සම්බන්ධයෙන් ලිඛිත දේශන සඳහා දිනයක් ඉල්ලා සිටියේ ය.
මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට අගෝස්තු 18 වැනිදා නඩුව කැඳවන ලෙසයි.
සැකකාර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට විදෙස් ගමන් තහනම් ද පනවා තිබේ.
