.webp)

ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු 37 දෙනෙකු අත්සන් තබා තිබේ.
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බහුතරය වන මන්ත්‍රී ආසන 40ක් හිමි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු සැළකිය යුතු සංඛ්‍යාවක් එම විස්වාසභංගයට අත්සන් තබා නොමැත.
සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ ද , එලෙස විස්වාසභංගයට අත්සන් නොතැබූ මන්ත්‍රීවරයෙකි.
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේද අත්සන් එහි දක්නට නොලැබිණි.
පාර්ලිමේන්තුව තුළ හිමි ආසන හැට හයෙන් (66) ඉතිරි ආසන 26 ඉලංගෙයි තමිල් අරසු පක්ෂය, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ අනෙකුත් පක්ෂ හා කණ්ඩායම්වලට අයත්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය එම විස්වාසභංගයට ලැබී ඇති නමුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීරයා යෝජනාවට අත්සන් තබා නොතිබිණි.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ රවී කරුණානායක, චාමර සම්පත් සහ රෝහිත අබේගුනවර්ධන ඊට අත්සන් තබා තිබිණි.
නමුත් ෆයිසර් මුස්තාෆා මන්ත්‍රීවරයාගේ අත්සන් යෝජනාව තුළ දක්නට නොලැබිණි.
ඉලංකෙයි තමිල් අරසු පක්ෂය නියෝජනය කරන 8 දෙනාගේ සහාය එම විශ්වාසභංගයට හිමිනොවන බව පක්ෂයේ මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම් පැවසුවේය.
මනෝ ගනේෂන් ප්‍රමුඛ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ද ඊට සහය නොදීම විශේෂත්වයකි.
පසුගිය ජූලි මස 05 සහ 06 යන දිනවල මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ ගැටුම් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු රැඳවියන් පිරිසක් මියගොස් තවත් පිරිසක් බරපතළ තුවාල ලැබීමේ සිද්ධියේදී අධිකරණ අමාත්‍යවරයා සිය වගකීම් ඉටු කිරීමට අපොහොසත්වී ඇතැයි පවසමින් එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබේ.
