.webp)
 (21)-620191.jpg)
ඒ, දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබා දීම හේතුවෙනි.
දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (20) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව වේ.
හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගේ දේහය මේවන විට බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබේ.
දේහයට අවසන් ගෞරව දැක්වීමට හිටපු ජනාධිති රනිල් වික්‍රමසිංහද අද පෙරවරුවේ එහි පැමිණ සිටියේ ය.
මේ අතර, හිටපු පොලිස්පතිවරයාට වෙඩි වැදී ඇති ආකාරය සම්බන්ධයෙන් විශේෂඥ වාර්තාවක් කැඳවීමට පොලිසිය පියවර ගෙන තිබේ.
සිරුරේ කොටස්, වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමුකර ඇතැයි සඳහන්.
පොලීසිය සඳහන් කළේ, ඔහුගේ ජංගම දුරකතනය මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති බවයි.
අධිකරණ නියෝග ලබාගෙන එය ඉදිරි විමර්ශන සඳහා යොමු කරන බව, පොලීසිය පැවසුවේ ය.
හිටපු පොලිස්පතිවරයා, වෙඩි තබා ගත් බව කියන පිස්තෝලය, පොලිස් භාරයට ගෙන ඇති අතර, එයද රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිතයි.
මරණය පිළිබඳව හිටපු පොලිස්පතිවරයාගේ බිරිඳගෙන් හා ආරක්ෂාවට සිටි නිලධාරීන් තුන්දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
තලාහේනේ පිහිටි නිවසේදී හිටපු පොලිස්පති සී.ඩි වික්‍රමරත්න වෙඩි වැදී මියගියේ පෙරේදා (16) උදෑසනයි.
මිය යන විට ඔහුගේ වයස, අවුරුදු 63 ක්.
පොලීසිය පැවසුවේ, පොලිස්පති නිතීඥ ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් මත බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකය හා මාලඹේ පොලීසියද ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි.
