දෙහිවල සුසාන භූමියක තැබීමක්...

දෙහිවල සුසාන භූමියක තැබීමක්...

by Staff writer 19-07-2026 | 9:46 PM

COLOMBO (News 1st) - දෙහිවල ගල්කිස්ස පොදු සුසාන භූමියේදී  අද පස්වරුවෙ සිදු සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

අද පස්වරු 3.35 ට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර තිබේ.

අනතුරුව ඔවුන් පළා ගොස් ඇතැයි පොලිසය පැවසුවේ ය.

වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ සුසාන භූමියේ මුරකරු මේවන විට කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.

56 හැවිරිදි ඔහු දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිසිය පැවසුවේ ඔහු දැනට ඩුබායි හි සැගව සිටින බවට සැකකරන සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන කවිඳු මධුසංක නොහොත් සැන්ඩෝ නැමැත්තාගේ පියා බව අනාවරණය කර ගෙන ඇති බවයි.

වෙඩි තැබීම සදහා පිස්තෝලයක් යොදා ගෙන තිබේ.

පොලීසිය සැක  කරන්නේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර පවතින ආරවුලක් හේතුවෙන් වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවයි.