.webp)
 (18)-620160.jpg)
වසරේ ගතවූ කාලය තුළ සිදුකළ පරීක්ෂා කිරීම්වලදී.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ කර්මාන්තශාලා, රාජ්‍ය ආයතන ඇතුළු පොදු ස්ථාන තුළින්ද මදුරුවන් බෝ වන ස්ථාන හඳුනාගෙන ඇති බවයි.
මෙරටින් මේ වනවිට වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 75,000 කට අධිකයි.
ඉන්, 52.7 % ක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්.
මෙරටින් වාර්තා වන ඩෙංගු මරණවලින් 70% ක් කාන්තාවන් බව, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඩෙංගු වැළඳීමෙන් මියගිය පිරිසෙන් 37 දෙනෙකු කාන්තාවන් වේ.
වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ විශේෂයෙන්ම කාන්තාවන් රෝගී ලක්ෂණ ඇති වූ වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙසයි.
ඩෙංගු මරණ රැසකට හේතුව, ප්‍රමාද වී ප්‍රතිකාර සඳහා යොමුවීම බවත්, ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළේ ය.
එමෙන්ම වැඩිම ඩෙංගු මරණ සංඛ්‍යාවක් අවුරුදු 25 ත් 49 ත් අතර හා අවුරුදු 65 වැඩි වයස් කාණ්ඩවලින් වාර්තා වේ.
ඩෙංගු මරණ අතරට දරුවන් 05 දෙනෙකු ද ඇතුළත්.
මේ වනවිට මෙරටින් වාර්තා වූ ඩෙංගු මරණ, ගණන 53කි.
