හිටපු පොලිස්පතිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳුදා

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සඳුදා බොරැල්ලේදී...

by Staff writer 18-07-2026 | 7:56 AM

COLOMBO (News 1st) - හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සඳුදා පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකෙරෙන බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, දේහය හෙට (19)  සිට බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබෙන බවයි.

මේ අතර හිටපු පොලිස්පතිවරයා වෙඩි වැදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් 10 කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය.

පොලීසිය පැවසුවේ ඒ සම්බන්ධයෙන් පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසුරිය, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මගින් ලබාදුන් විශේෂ නියෝගයකට අනුව බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත නුගේගොඩ සහකාර පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ මාලබේ පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින්ද විමර්ශන සිදුකරනු ලබයි.

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ඊයේ (17) උදෑසන වෙඩි වැදී මියගියේ ය.

මිය යන විට සී .ඩී වික්‍රමරත්නගේ  වයස  අවුරුදු 63 ක්.