මිය ගිය බන්ධනාගාර නිලධාරීන්ට දෙදෙනාට උසස් වීම්...

මීගමුවේ සිද්ධියෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාට උසස් වීම්

by Staff writer 18-07-2026 | 10:07 AM

COLOMBO (News 1st) - මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි මියගිය බන්ධනාගාර නියාමකවරු දෙදෙනා සැරයන් තනතුරට උසස්කර තිබේ.

පසුගිය අඟහරුවාදා අලුයම එලෙස මියගියේ 25 හා 39  හැවිරිදි වියේ පසුවන බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකි.

එම ගැටුමින් මීට පෙර මියගිය බන්ධනාගාර නිලධාරින් 8 දෙනා සඳහාද උසස් වීම් ලබා දෙනු ලැබුවේ ය.

ඒ අනුව දෙවන පෙළ ජේලර් ලෙස කටයුතු කළ නිලධාරියෙකු පළමු පෙළ ජේලර්වරයෙකු ලෙසත් අනෙක් බන්ධනාගාර නියාමකවරුන් සැරයන් තනතුරටත් උසස් කරනු ලැබුවේ ය.

පසුගියදා මීගමුව බන්ධනාගායේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් හා සංවිධානාත්මක අපරාධකරුවන් අතර හටගත් ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු හා රැඳවියන් 21දෙනෙකු මියගොස් සියයකට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.