ජනපති ට්‍රම්ප් කැනඩාවට අනතුරු අඟවයි...

පැනවූ බදු ප්‍රතිශතය තවදුරටත් ඉහළ දමනවා,ඇමරිකානු ජනපතිගෙන් කැනඩාවට අනතුරු ඇඟවීමක්...

by Staff writer 18-07-2026 | 8:47 AM

COLOMBO කැනඩාවට පනවා ඇති බදු ප්‍රතිශත තවදුරටත් ඉහළ දමන බවට ඇමරිකානු ජනපති අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ කැනඩාව පුරා මේ වන විට ව්‍යාප්තවන ලැව් ගිනි හේතුවෙන් ඇමරිකාවේ බොහෝ ප්‍රාන්ත දුමාරයෙන් වැසි යාම පදනම් කරගනිමිනි.

ඇමරිකානු ජනාධිපතිවරයා පැවසුවේ කැනඩාව විසින් ලැව් ගිනි තත්ත්වය හිතාමාතා නොසලකා හැර ඇති බවයි.

ඒ හේතුවෙන් කැනඩාවට පනවා ඇති වෙළෙඳ බදු තවදුරටත් ඉහළ දැමීමට තමන් පියවර ගන්නා බව, ඔහු සඳහන් කරයි.

කෙසේ වෙතත්, ඇමරිකානු පාර්ශ්වයෙන් එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ඩග් ෆෝර්ඩ් ප්‍රකාශ කර කළේ , මැසිවිලි නගනවා වෙනුවට ඇමරිකාව කළ යුත්තේ ලැව්ගිනි පාලනය සඳහා සහයෝගය ලබා දීම වන බවයි.

මේ වන විට කැනඩාවේ හටගෙන ඇති සිය ගණනක් ලැව්ගිනි හේතුවෙන් සමස්ත උතුරු ඇමරිකානු කලාපය පුරාම සෞඛ්‍යයට අතිශය අහිතකර සහ දූෂිත දුම් පටලයක් වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එම අධික වායු දූෂණය හේතුවෙන් නිව්යෝර්ක්, ඩෙට්‍රොයිට්, චිකාගෝ සහ වොෂින්ටන් ඩී.සී. යන නගරවල මේ වන විට වායු ගුණාත්මකභාවයක් පහළ ගොස් ඇති බව ඇමරිකානු ජනාධිතිවරයා පැවසුවේය.

මේ අතර පවතින දැඩි දුම් කුණාටු තත්ත්වය හේතුවෙන් නිව්යෝර්ක් නගරය ආසන්නයේ එළඹෙන ඉරිදා පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය පිළිබඳව ද ධවල මන්දිරය සහ FIFA නිලධාරීන් අතර හදිසි සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතව තිබේ.