'2026 Lanka Premier League' තරගාවලිය අද ඇරඹේ...

'2026 Lanka Premier League' තරගාවලිය අද ඇරඹේ...

by Staff writer 17-07-2026 | 8:51 AM

COLOMBO (News 1st) - 2026 ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වේ.

ඒ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී.

6වැනි වරට පැවැත්වෙන මෙවර තරගාවලියට කණ්ඩායම් 5ක් ඇතුළත්.

Jaffna Kings, Galle Gallants, Kandy Royals , Dambulla Sixer සහ Colombo Kaps එම කණ්ඩායම් වේ.

මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ කොළඹ SSC ,ආර්. ප්‍රේමදාස , පල්ලෙකැලේ සහ රංගිරි දඹුල්ල යන ක්‍රීඩාංගණවලදී.

මෙතෙක් පැවති තරගාවලි 5න් 4ක් ජැෆ්නා කණ්ඩායම ජයගෙන ඇති අතර එක් තරගාවලියක් දඹුල්ල කණ්ඩායම ජයගෙන තිබේ.

ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම් අතර පළමු තරගය අද (17) රාත්‍රී 7:30ට ආරම්භ වීමට නියමිතයි.