රඛිත, චරිත් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්.

හරක් කටාගෙන් අල්ලස් ගත් බව කියන රඛිත, චරිත් ඇතුළු තුන්දෙනා යළි රිමාන්ඩ්.

by Staff writer 17-07-2026 | 4:18 PM

COLOMBO(News1st) - ‍හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවස්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ අරුණ වරුෂහැන්නදිගේ යන තුන්දෙනා ලබන 28 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරුවන් තිදෙනා පසුගිය ජුනි 25 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවේ අල්ලස් හො දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසිනි.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, රැඳවුම් නියෝග මත රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් 'හරක් කටා' යන අය ඝාතනය කිරීම වැළැක්වීම සඳහාත්, ඔහුගේ රැඳවුම් නියෝග ඉවත් කර ගාල්ල බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමු කිරීම ඇතුළු විමර්ශන කටයුතු සඳහා සහය ලබා දීමට හරක් කටාගේ බිරිඳ වන මධුෂිකා මධුවන්තිගෙන් පලමුව ලක්ෂ 5000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා පසුව එය ලක්ෂ 3000ක් දක්වා අඩුකර අත්තිකාරම් මුදලක් ලෙස ලක්ෂ 1200ක් ලබා ගැනීම සම්බන්ධයෙනි.