.webp)
-619969.png)
ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සරුංගල් යැවීමෙන්, ගුවන් යානා පියාසර කිරීමේ කටයුතුවලට සෘජු බාධාවක් බවයි.
කටුනායක, රත්මලාන, හිඟුරක්ගොඩ, චීනවරාය, අනුරාධපුර, පලාලි, කටුකුරුන්ද, කොග්ගල, වව්නියා, වීරවිල සහ මත්තල යන ප්‍රදේශවල පිහිටි ගුවන් ධාවන පථ අවට බහුලව සරුංගල් යැවීම මේ වන විට අධි අවදානම් තත්ත්වයක් වී ඇතැයි එහි සඳහන්.
ගුවන් යානයක එන්ජිමකට හෝ එහි ක්‍රියාකාරී පද්ධතියකට සරුංගල් නූල් හෝ සරුංගල් කොටස් ඇතුළු වීමෙන් සමස්ත ගුවන් යානයම දරුණු අනතුරකට ලක්වීමේ සෘජු අවදානමක් පවතින බව ගුවන් හමුදාව පෙන්වා දෙයි.
ගුවන් හමුදාව දැනුම් දෙන්නේ මෙමගින් විශාල ජීවිත හා දේපල හානියක් සිදුවීමට ඇති ඉඩකඩ ඉතා ඉහළ එබැවින්, ගුවන් ගමන් ආරක්ෂාව තහවුරු කිරීම සහ මගී ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන් කටයුතු කරන ලෙසයි.
මේ අතර, රත්මලාන ගුවන් තොටුපළෙන් පුහුණු වීම් සඳහා ගුවන්ගත වූ Y-12 වර්ගයේ ගුවන් යානයක් සරුංගල් නූල් හේතුවෙන් අද දැඩි අවදානමකට මුහුණ දී තිබේ.
පුහුණු වීම්වල නිරතව සිටි එම යානය, නැවත රත්මලාන ගුවන් තොටුපළ වෙත ගොඩබැස්ස වු බව ගුවන් හමුදාව ප්‍රකාශ කළේ ය.
ඉන් අනතුරුව සිදුකළ කාර්මික පරීක්ෂාවකදී අනාවරණය වී ඇත්තේ ගුවන් යානයේ වම්පස රෝදයේ, වම්පස එන්ජින් ප්‍රදේශයේ සහ තවත් කොටස් කිහිපයක සරුංගල් නූල් විශාල වශයෙන් පැටලී තිබූ බවයි.
