මරියසෙල් ගුණතිලකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද...

ප්‍රවීණ ගායන ශිල්පිනී අභාවප්‍රාප්ත මරියසෙල් ගුණතිලකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද බොරැල්ලේදී...

by Staff writer 13-07-2026 | 8:58 AM

COLOMBO (News 1st) - ප්‍රවීණ ගායන ශිල්පිනී අභාවප්‍රාප්ත මරියසෙල් ගුණතිලකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.

අද උදෑසන 9 සිට හවස 5 දක්වා, මහජන ගෞරවය සඳහා දේහය තැන්පත් කර තිබෙන්නේ, බොරැල්ල පෞද්ගලික මල් ශාලාවකයි.

ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක පසුගිය සිකුරාදා (10) උදෑසන කළුබෝවිල ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඇගේ වයස අවුරුදු 68 ක්.

මෙරට රසික හදවත් තුළ සදා මතකයේ රැදෙන ගී රැසක හිමිකාරිනිය වන ඇය ප්‍රසංග වේදිකාවේද නැතිවම බැරි චරිතයක් විය.