මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට යොමුවීම ඉහළට

රටම එකට ජාතික මෙහෙයුමට සමගාමීව මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පුද්ගලයින් පුනරුත්ථාපනයට යොමුවීම 28% කින් ඉහළට - පුනරුත්ථාපන කාර්යාංශය

by Staff writer 11-07-2026 | 8:27 AM

COLOMBO(News1st) - රටම එකට ජාතික මෙහෙයුමට සමගාමීව මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පුද්ගලයින් පුනරුත්ථාපනයට යොමුවීම 28% කින් ඉහල ගොස් ඇතැයි  පුනරුත්ථාපන කාර්යාංශය පවසයි.

එහි කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් ශිරාන් අමිත් පැවසුවේ, එවැනි පුද්ගලයින් පුනරුත්ථාපනය වී සමාජගත කිරීමද  65% කින් වර්ධනය වී ඇති බවයි.

"රටම එකට" ජාතික මෙහෙයුම් ප්‍රධාන කාර්යාලයේ ඊයේ(10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේ ය.

බ්‍රිගේඩියර් ශිරාන් අමිත් පැවසුවේ, පුනරුත්ථාපනය වී සමාජගතවීමෙන් පසුවද මිතුරු ඇසුර හේතුවෙන්  47% ක් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවී ඇති බවයි.