.webp)

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, ඒ.සී.ගජනායක පැවසුවේ, තවත් පිරිමි රැඳවියන් 700කට ආසන්න පිරිසක් ඉතිරිව සිටින බවයි.
එම රැඳවියන්ද වෙනත් බන්ධනාගාරවෙත මාරුකර, මීගමුව බන්ධනාගාරය රැඳවියන්ගෙන් තොර කලාපයක් බවට පත්කරන බවද ඔහු සඳහන් කළේ ය.
මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සංඛ්‍යාව 2,400 ක්.
අධිකරණ අමාත්‍යංශය පැවසුවේ, ගැටුමෙන් මීගමුව බන්ධනාගාර පරිශ්‍රය දැඩි ලෙස විනාශයට පත්ව ඇති බැවින් එම පරිශ්‍රය තුළ රැඳවියන් රඳවා තැබීම නුසුදුසු බවට තීරණය කර ඇති බවයි.
විමර්ශන නිලධාරීන්ට අපරාධ ස්ථානයෙහි ආරක්ෂිතව විමර්ශන කටයුතු සිදු කිරීමට ඉඩ හැරීමටද, රැඳවියන්ගේ ආරක්ෂාව සැලැස්වීමටද‚ විමර්ශන කටයුතු අවසාන වීමෙන් පසු මීගමුව බන්ධනාගාර පරිශ්‍රය ප්‍රතිසංස්කරණය කිරීම කඩිනමින් ආරම්භ කිරීමටද හැකි වන පරිදි මෙම පරිශ්‍රයේ රඳවා සිටි රැඳවියන් බොහෝමයක් වෙනත් බන්ධනාගාර පරිශ්‍රයන් වෙත තාවකාලිකව මාරු කිරීමට පියවර ගත් බව අමාත්‍යංශය සඳහන් කළේ ය.
මේ අතර එම ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන්ට උසස්වීම් ලබාදී ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී ගජනායක සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ, දෙවන පෙළ ජේලර් ලෙස කටයුතු කළ නිලධාරීයාට පළමු පෙළ ජේලර් ලෙසත් අනෙක් බන්ධනාගාර නියාමකවරුන් සැරයන් තනතුරටත් උසස් කර ඇති බවයි.
ඊට අමතරව ඔවුන්ට ලක්ෂ පහ බැගින් වන්දි ලබා දීමටද කටයුතු කර ඇතැයි ඔහු සඳහන් කළේ ය.
පසුගියදා මීගමුව බන්ධනාගායේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් හා සංවිධානාත්මක අපරාධකරුවන් අතර හටගත් ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 8 දෙනෙකු හා රැඳවියන් 21දෙනෙකු මියගොස් සියයකට ආසන්න පිරිසක් තුවාල ලැබී ය.
