මත්තල ගුවන් තොටුපල සංවර්ධනයට ආයෝජකයින් 19ක්

මත්තල ගුවන් තොටුපලේ ආයෝජන සඳහා දෙස් විදෙස් ආයෝජකයින් 19 දෙනෙකු එකඟතාව පළ කරයි - වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය

by Staff writer 11-07-2026 | 2:39 PM

COLOMBO(News1st) - මත්තල ගුවන් තොටුපලේ ආයෝජන සඳහා දෙස් විදෙස් ආයෝජකයින් 19 දෙනෙකු එකඟතාව පලකර ඇතැයි වරාය හා ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු සඳහන් කළේ, ඒ සඳහා දුන් කාලය ඊයේ(10) දිනයෙන් අවසන්වූ බවයි.

ඒ අනුව අදාළ ආයෝජකයින්ගෙන් ඉදිරියේදී මත්තල ගුවන් තොටුපල සංවර්ධනය සඳහා ව්‍යාපෘති ආරම්භ කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.