.webp)

ඒ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් කරන ලද විමර්ෂණයකින් පසුවයි.
එම ගිණුමෙන් මාස 18ක් තුළ රුපියල් කෝටි 13කට අධික මුදලක් සංසරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
ව්‍යාජ නමක් හා හැඳුනුම්පත් අංකයකින් අදාළ බැංකු ගිණුම විවෘත කර ඇත්තේ දැනට මත්ද්‍රව්‍ය ළග තබා ගැනීමේ චෝදානවකට රක්ෂිත බන්ධානාගාර ගතව සිටින කාන්තාවකගේ නමින්.
ඇය 2024 වසරේදී රුපියල් 25,000ක මුදලකට අදාළ බැංකු ගිණුම විවෘත කර ඇති බව විමර්ශනවලදී අණාවරණ වුණු බව පොලීසිය සඳහන් කළේ ය.
විදෙස් ගතව සැඟව සිටින මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකු වන හඳයාගේ නැමැත්තාගේ සමීපතමයකු වන සුසිමල් අසංක ද මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව පසුවෙයි.
අදාළ බැංකු ගිණුම පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙන්නේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ තරුණයින් දෙදෙනෙකු ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදීයි.
සැකකාරිය හා බැංකු ගිණුම සම්බන්ධයෙන් ලබන 21 වැනිදා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බව පොලීසිය ප්‍රකාශ කළේ ය.
