මිගමුව රැඳවියන්ට කිසිදු හිංසනයක් සිදුව නැහැ...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් පසු මාරු කර යැවූ රැඳවියන්ට කිසිදු හිංසනයක් සිදුව නැහැ - මානව හිමිකම් කොමිසම

by Staff writer 10-07-2026 | 9:27 AM

COLOMBO(News1st) - මීගමුව බන්ධනාගරයේ ගැටුමෙන් පසු වෙනත් බන්ධනාගාරවලට මාරුකර යැවූ රැඳවියන්ට කිසිදු හිංසනයක් සිදුව නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

එහි කොමසාරිස් නිතිඥ නිමල් පුංචිහේවා පැවසුවේ, මෙතෙක් කළ නිරික්ෂණවලින් ඒ බව තහවුරු වූ බවයි.

මානව හිමිකම් කොමිසමේ නිලධාරින් මීගමුව බන්ධනාගාරයේ රැදවියන් මාරුකර යැවු බූස්ස, අගුණුකොලපැලස්ස, වැලිකඩ ඇතුළු බන්ධනගාර කිහිපයක නිරික්ෂණය කළ බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මිට අමතරව දැනට රෝහල්ගතව සිටින රැඳවියන්ද හමුවී ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කළ බව නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ ය.

රැඳවියන් මාරුකර යවා ඇති සෙසු බන්ධනාගාර ද ඉදිරියේදී මානව හිමිකම් කොමිසම නිරීක්ෂණය කිරිමට නියමිතයි.
 

වෙනත් ලිපි