.webp)

මීට ප්‍රතිචාර වශයෙන් ඇමරිකානු මධ්‍යම විධානය (CENTCOM) විසින් දකුණු ඉරානයේ සිරික් (Sirik), බන්ඩර් අබ්බාස් (Bandar Abbas) සහ කේෂ්ම් (Qeshm) දූපත අවට පිහිටි ඉරාන ගුවන් ආරක්ෂක පද්ධති, වෙරළබඩ නිරීක්ෂණ මධ්‍යස්ථාන, සහ මිසයිල හා ඩ්‍රෝන දියත් කිරීමේ කඳවුරු ඉලක්ක කර ගනිමින් අද (8) අලුයම දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත.
මෙම හමුදා ක්‍රියාමාර්ගයට සමගාමීව, පසුගිය ජුනි මාසයේ දෙපාර්ශවය අතර ඇති කරගත් තාවකාලික සටන් විරාම ගිවිසුම යටතේ ඉරානයට ජාත්‍යන්තර වෙළඳපොළට තෙල් අලෙවි කිරීමට ලබා දී තිබූ විශේෂ බලපත්‍රය ද ඇමරිකානු භාණ්ඩාගාරය විසින් වහාම අවලංගු කර තිබේ. ඒ අනුව ඉරාන තෙල් අපනයන ගනුදෙනු සියල්ල නතර කිරීම සඳහා ජූලි 17 දක්වා සහන කාලයක්ද ලබා දී ඇත.
