.webp)

යල කන්නයේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (07) පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වූයේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙනි.
2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා බිලියන 6ක් භාණ්ඩාගාරයෙන් ලබා දී ඇති බවත් ඊට අමතරව ඔඩපන ණය ලෙස කුඩා සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙත තවත් බිලියන 10ක් රජයේ බැංකු මගින් වෙන් කර ඇති බවත් මෙහිදී සඳහන් කෙරිණි.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ පවසා ඇත්තේ වී අලෙවි මණ්ඩලය ලබන 15වන දා සිට වී මිලදී ගැනීම ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.
ඒ සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහාය ඇතිව අවශ්‍ය කටයුතු කෙරෙමින් පවතින බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.
2025 යල - මහ දෙකේදීම බිලියන 16ක වී මිලදී ගෙන තිබෙන බවද දැනට වී අලෙවි මණ්ඩලය සතු ගබඩාවල වී තොග මෙට්‍රික්ටොන් 120,000ක් පමණ පවතින අතර, එයින් මෙට්‍රික්ටොන් 60,000 පමණ වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බව ද තවත් මෙට්‍රික් ටොන් 20,000 ක වී තොගයක් සතොස වෙත නිකුත් කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බවත් මෙහිදී ප්‍රකාශ විය.
