.webp)

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මධ්‍යම, උතුරු සහ උතුරු-මැද පළාත්වලටත්, රත්නපුර, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් එලෙස තද සුළං බලාපොරොත්තු විය හැකි බවයි.
මේ අතර, කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 55ත් 65ත් දක්වා වැඩි විය හැකිය.
දිවයින වටා පවතින සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ද පැයට කිලෝමීටර් 50ක් පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
