ඩෙංගු නවතමු - ජාතික ඩෙංගු මර්දන වැඩසටහන අදත්

ඩෙංගු නවතමු - ජාතික ඩෙංගු මර්දන වැඩසටහන අද දෙවන දිනටත්.

by Staff writer 07-07-2026 | 7:30 AM

COLOMBO(News1st) - ඩෙංගු නවතමු - ජාතික ඩෙංගු මර්දන වැඩසටහන දෙවන දිනටත් අද(07)  ක්‍රියාත්මක් වේ.

වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ, News1st ප්‍රමුඛ කැපිටල් මහරාජා මාධ්‍ය ජාලය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය සමග ඒකාබද්ධවයි.

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් වැඩසටහන ක්‍රියාත්මක වේ.

අද(07)  කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල ඩෙංගු අවදානම අවම කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීම සිදුකෙරෙනු ඇති.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, ග්‍රාමනිලධාරීන්, සංවර්ධන නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මේ සඳහා එක්වෙයි.