.webp)

මීගමුව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පුෂ්පා ගම්ලත්ගේ සඳහන් කළේ, බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් යන දෙපිරිසම ඒ අතර වන බවයි.
ගැටුම් හේතුවෙන් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.
ඉන් බරපතල තත්ත්වයේ පසුවන 15 දෙනෙකු කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබේ.
මේ වන විට තත්ත්වය පාලනය කර ඇතැයි, ආරක්ෂක අංශ පවසයි.
මීගමුව බන්ධනාගාරයේ ඊයේ(05) ඇති වූ නොසන්සුන්තාවයෙන් රැඳවියන් දෙදෙනෙකු මියගොස්, 38 දෙනෙකු තුවාල ලැබී ය.
ඊයේ(05) රාත්‍රිය වන විට තත්ත්වය පාලනය කළ ද, අද(06) උදෑසන යළි නොසන්සුන්තාවක් ඇති විය.
මේ වන විට බන්ධනාගාරයේ ආරක්ෂවා සහ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කැරලි මර්දන ඒකක යොදවා තිබේ.
පොලීසිය පැවසුවේ, අමතර පොලිස් කණ්ඩායම් ද ඒ සඳහා යොදවා ඇති බවයි.
ගුවන් හමුදාවේ බෙල් 412 හෙලිකොප්ටර් යානයක් හා ඩ්‍රෝන යානා යොදා ගනිමින් බන්ධනාගාරයේ අභ්‍යන්තරය නිරීක්ෂණය කරමින් ඇතැයි ගුවන් හමුදාව සඳහන් කළේ ය.
ඊයේ(05) ඇතිවූ ගැටුමෙන් අනතුරුව, අද(06) උදෑසන රැඳවියන් තුන් දෙනෙකු පල්ලන්සේන සිරකඳවුරට මාරුකර යවා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී ගජනායක සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් මත ඒ සඳහා කණ්ඩායමක් යොමුකර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ද, ක්‍රියාත්මකයි. මේ අතර, මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ගේ ගැටුම සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ද, වාර්තාවක් කැඳවා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය, ඊයේ(05) රාත්‍රියේ සිදුකෙරුණි.
මෙතෙක් කළ විමර්ශනවලදී අණාවරණය වී ඇත්තේ, මත්ද්‍රව්‍ය ජාවාරමට සහය දක්වන පිරිසක් සහ ඊට විරුද්ධත්වය දක්වන පිරිසක් අතර ගැටුම හටගෙන ඇති බවයි.
මේ අතර මීගමුව බන්ධනාගාරයේ අද(06) පෙරවරුවේ යළි ඇති වූ නොසන්සුන්තාවය පාලනය කිරීමට හැකිවී ඇතැයි, ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා පවසයි.
ඔහු සඳහන් කළේ, ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලීසිය, බන්ධනාගාර නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකාය විසින් ඒකාබද්ධ වැඩපිළීවෙලක් ක්‍රියාත්මක බවයි.
