.webp)

COLOMBO(News1st) -
විවිධ වැරදිවලට සම්බන්ධ පොලිස් නිලධාරීන් 1000කට වැඩි පිරිසක් සේවයෙන් ඉවත් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.අමාත්‍යවරයා සඳහන් කළේ, මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වීම, අපරාධ කල්ලි සාමාජිකයින් සමග සබඳතා පැවැත්වීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් වැරදිකරුවන් වීම හේතුවෙන් ඉන් කොටසක් සේවයෙන් ඉවත් කළ බවයි.
රාජකාරි පැහැර හැරිම් ,අල්ලස් ලබා ගැනීම් ඇතුළු චෝදනා සම්බන්ධයෙන් වැරදිකරුවන් වීමත් සමග සෙසු පිරිස සේවයෙන් පහකර තිබේ.
අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ, පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ඉදිරිපත් වන පැමිණිලි සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන සිදුකරන බවයි.
