.webp)

COLOMBO(News1st) - බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 23 ක් ආවරණය වන පරිදි අද සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ඇරඹෙයි.
ඒ, ජනාධිපති කාර්යාලය වෙනුවෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සම්බන්ධීකරණයෙන්.
ඒ අනූව කොළඹ දිස්ත්‍රික්කයේ, මහරගම, කඩුවෙල, හෝමාගම, ගොතටුව, බත්තරමුල්ල, පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස සහ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ එම වැඩසටහන ක්‍රියාත්මකයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක වන්නේ, බියගම, කැලණිය, සීදූව, ජාඇල, මහර, වත්තල, මීගමුව සහ මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලයි.
කළුතර දිස්ත්‍රික්කයේ පානදුර, බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය සහ කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආවරණය වන පරිදි එය ක්‍රියාත්මක වේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, අධි අවදානම් ලෙස ඩෙංගු පැතිරෙන සෞඛ්‍ය වෙද්‍යෙ නිලධාරී කොට්ඨාසවල, මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 45%ක් සිටින බවයි.
දිවයින පුරා මේ වන විට ඩෙංගු රෝගීන් 58,810 ක් වාර්තා වේ.
ඩෙංගු මරණ සංඛ්‍යාව, 39ක්.
