ඉරානයට කිසිදු ප්‍රහාරයක් එල්ල කරන්නේ නැහැ - ට්‍රම

අයතුල්ලා අල් කමේනිගේ අවමංගල්‍ය උත්සවය අවසන් වනතුරු ඉරානයට කිසිදු ප්‍රහාරයක් එල්ල කරන්නේ නැහැ... ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්.

by Staff writer 05-07-2026 | 8:47 AM

COLOMBO(News1st) -

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමෙනිගේ අවමංගල්‍ය උත්සවය අවසන් වනතුරු කිසිදු ප්‍රහාරයක් එල්ල නොකරන බව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු සඳහන් කළේ, ඉරාන ජනතාව කමේනිට වෛර කරන බව තමා මීට පෙර සිතා සිටිය ද, ඔහුගේ අවමංගල්‍ය උත්සවයේදී ජනතාව හඬා වැළපෙන අයුරු දැක තමාට අදහාගත නොහැකි වූ බවයි.

අවමංගල්‍ය කටයුතු නිල වශයෙන් අවසන් වනතුරු, ඉරානය සහ ඇමරිකාව අතර දැනට පවතින සාම සාකච්ඡා තාවකාලිකව නතර කිරීමට දෙපාර්ශවයම එකඟ වී තිබේ.

ඉරාන උත්තරිතර නායක අයතුල්ලා අල් කමේනිගේ අවමංගල්‍ය උත්සවයේ දෙවැනි දිනට අදයි.

දේහය තැන්පත් කර ඇත්තේ, ටෙහෙරාන් නුවර පිහිටි ග්‍රෑන්ඩ් මොසල්ලා ඉස්ලාම් දේවස්ථානයේයී.

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ලබන 09 වනදා දක්වා පැවැත්වෙන අවමංගල්‍ය උත්සවයේදී මිලියන 10කට අධික පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙනු ඇතැයි අපේක්ෂිතයි.

යුදමය වාතාවරණය හේතුවෙන්, පෙබරවාරි 28 වැනිදා ඇමරිකා - ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මියගිය හිටපු උත්තරීතර නායකයාගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට හැකි වූයේ නැහැ.