.webp)

ඒ, ජනාධිපති කාර්යාලය වෙනුවෙන් Clean Sri Lanka වැඩසටහනේ සම්බන්ධීකරණයෙන්.
ඒ අනූව කොළඹ දිස්ත්‍රික්කයේ, මහරගම, කඩුවෙල, හෝමාගම, ගොතටුව, බත්තරමුල්ල, පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස සහ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ එම වැඩසටහන ක්‍රියාත්මකයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක වන්නේ, බියගම, කැලණිය, සීදූව, ජා ඇල, මහර, වත්තල, මීගමුව සහ මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලයි.
කළුතර දිස්ත්‍රික්කයේ පානදුර, බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය සහ කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආවරණය වන පරිදි එය ක්‍රියාත්මක වේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, අධි අවදානම් ලෙස ඩෙංගු පැතිරෙන සෞඛ්‍ය වෙද්‍යෙ නිලධාරී කොට්ඨාසවල, මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 45%ක් සිටින බවයි.
දිවයින පුරා මේ වනවිට ඩෙංගු රෝගීන් 58,810ක් වාර්තා වනවා.
ඩෙංගු මරණ සංඛ්‍යාව, 39ක්.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කළේ, ඩෙංගු මදුරු දෂ්ඨනය සිදුවන කාලසීමාවේ වෙනසක් ද, නිරීක්ෂණය වන බවයි.
