.webp)

ඒ යෝෂිත රාජපක්ෂ, නියමිත සුදුසුකම් වෙනස් කරමින් නාවික හමුදාවේ විධායක නිළධාරියෙකු ලෙස බැඳී රජයේ මුදල් අවභාවිත කරමින් බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණුවට යැවීම සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයට අදාළවයි.
ඒ පිළිබඳව ප්‍රකාශයක් දීමට පසුගිය 16 වැනිදා හා 22 වැනිදා අල්ලස් කොමිසමට කැඳවා තිබුණද ඔහු පැමිණියේ නැත.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ පසුගිය 17 වැනිදා අත්අඩංගුවට ගත් අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ 50 බැගින්වු ශරීර ඇප තුනක් මත මුදා හරුණි.
