අද සිට යළිත් මදුරු මර්දන වැඩසටහනක්

අද සිට යළිත් මදුරු මර්දන වැඩසටහනක්

by Staff writer 02-07-2026 | 7:04 AM

COLOMBO(News1st) - අද සිට දිවයින පුරා දින 3ක මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

ඒ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන්.

රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න පැවසුවේ, Clean Sri Lanka වැඩසටහන මෙන්ම දිවයින පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් එම විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනට සම්බන්ධ වන බවයි.

වසරේ ගත වූ කාල සීමාව තුළ මෙරටින් ඩෙංගු රෝගින් 55,406ක් වාර්තා වී තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ, ඉන් වැඩි සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි.

එම සංඛ්‍යාව 21,565ක්.

එමෙන්ම අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස සංඛයාවද 124ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසීය.

වසරේ ගත වූ කාල සීමාව තුළ වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 32ක්.