රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අනතුරු ඇගවීම්!

රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අනතුරු ඇගවීම්! - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 01-07-2026 | 5:28 PM

COLOMBO(News1st) - කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින්

එහි දැක්වෙන්නේ අදාළ  මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවයි

හලාවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0-2.5 ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ අණාවැකියේ සඳහන් වේ.

එබැවින්, මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසත් ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසුවන ලෙසත් එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙයි.