බස් ගාස්තු වැඩිවීම ජූලි 06 සිට.

බස් ගාස්තු වැඩිවීම ජූලි 06 සිට.

by Staff writer 01-07-2026 | 5:41 PM

COLOMBO(News1st) - බස් ගාස්තු වැඩිවීම ලබන 06 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා සඳහන් කළේ, සාමාන්‍ය සේවා යටතේ, දුර කිලෝමීටර් 100 ට අඩු නම් බස්ගාස්තුව 12% කින් වැඩි වන බවයි.

දුර කිලෝමීටර් 100 හෝ ඊට වැඩි නම්, බස්ගාස්තුව ඉහළ යන්නේ 20% කින්.

සුඛෝපභෝගී සේවාවල දුර කිලෝමීටර් 100ට අඩු නම් බස් ගාස්තු වැඩිවීම 12%ක්.

එම කාණ්ඩයේ දුර කිලෝමීටර් 100 හෝ ඊට වැඩි නම් බස් ගාස්තුව 15% කින් ඉහළ යයි.