ප්‍රවීණ රංගනවේදී ගාමිණි සමරකෝන් අභාවප්‍රාප්ත වෙයි.

ප්‍රවීණ රංගනවේදී ගාමිණි සමරකෝන් අභාවප්‍රාප්ත වෙයි...

by Staff writer 01-07-2026 | 5:25 PM

COLOMBO(News1st) -  ප්‍රවීණ රංගනවේදී ගාමිණි සමරකෝන් අභාවප්‍රාප්ත වී තිබේ.

අභාවප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 77ක්.

කුරුණෑගල, ගොකරැල්ලේදී උපත ලද ගාමීණි සමරකෝන් කලා ලොවට පිවිසෙන්නේ වේදිකා නාට්‍ය කලාවෙන්.

ධම්ම ජාගොඩයන්ගෙන් රංගනය හැදැරූ ඔහු ඉන් අනතුරුව සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කිහිපයකට සිය රංගන දායකත්වය ලබා දුන්හ.

ලූෂන් බුලත්සිංහලගේ තාරාවෝ ඉගිලෙති හා රතු හැට්ටකාරී වේදිකා නාට්‍ය ඔහු රඟ පෑ මුල් කාලීන වේදීකා නාට්‍ය අතර අතිශයින් ජනප්‍රසාදිතයි.

ලූෂන් බුලත්සිංහල විසින් අධ්‍යක්ෂණය කළ තාරාදේවී හා  එක මවකගේ දරුවෝ ඇතුළු ටෙලි නාට්‍ය රැසකටද ගාමිණි සමරකොන් සිය රංගන දායකත්වය ලබා දී තිබේ.

චිත්‍රපට කිහිපයක්ද ගාමිණි සමරකෝන්ගේ රංගනයෙන් වර්ණවත් විය.

ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ ගාමිණි සමරකෝන් වෘත්තියෙන් ගුරුවරයෙක්.

අභාවප්‍රාප්ත ගාමිණි සමරකෝන්ගේ දේහය මහජන ගෞරවය සඳහා අද(01) පස්වරුවේ සිට කුරුණෑගල නගර සභා අවමංග්‍ය ශාලාවේ තැන්පත් කර තිබේ.

අවසන් කටයුතු සිකුරුදා පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.